ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරින් ඉවතට

(UTV| කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එච්.එම්.බී.පී. හේරත් මහතා තනතුරින් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දෙයි.

ඊට හේතුවී ඇත්තේ අද ආරම්භවීමට නියමිත දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ක්‍රීඩා උපදේශකයින්ට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට අසමත්වීම හේතුවෙනි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සඳහන් කළේ, උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකු සහ ක්‍රීඩා උපදේශකයින් 15 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉරිපත් වන බවයි.

මෙම පිරිසට නේවාසික පහසුකම් සලසා තිබුණේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන්හි පිහිටි නේවාසිකාගාරයේ ය.

ඊයේ(04) උදේ සිට නේවාසිකාගාරය තුළ විදුලිය බිඳ වැටී තිබු අතර ඒ හේතුවෙන් එහි සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ගැටලු රැසකට මුහුණදීමට සිදුවිණි.

පසුව අමාත්‍යවරයා මැදිහත්වීමෙන් අනතුරුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් බස් රථ යොදා හෝටලයක නවාතැන් ගැනීමට සැලැස් වූ බව ද ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොච්චිකඩේ ප්‍රදේශයේ පිපිරීමක්

Mohamed Dilsad

ත්‍රස්තවාදය ගැන ඉන්දියාවේ බුද්ධි තොරතුරු විශ්ලේෂණය කරනවා – යුද හමුදාපති

Mohamed Dilsad

හෙට සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment