ප්‍රමුඛ පුවත 1

තංගල්ල රෝහලේ සේවකයින් වර්ජනයක

(UTV| කොළඹ) – තංගල්ල මූලික රෝහලේ සේවකයින් ආරම්භකර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් රෝගින් දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තාවේ.

අප වාර්තාකරු පැවසුවේ රෝහලේ අභ්‍යන්තර සේවකයෙකු සම්බන්ධ ගැටලුවක් මූලික කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන යන බවයි.

තංගල්ල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකු අසාධාරණ ලෙස  ස්ථාන මාරුවකට ලක්කර ඇති බව පවසමින් රෝහල් සේවකයින් මෙම වැඩ මඟ හැරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ තිබේ.

ඒ අනුව රෝහලේ ඖෂධ නිකුත් කිරීම සඳහා සාමාන්‍යයෙන් විවෘත කෙරෙන කවුළු 6 වෙනුවට අද දින විවෘත කර තිබුණේ කවුළු 2 ක් පමණයි.

මේ හේතුවෙන්  රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට වසා තැබෙන මාර්ගයක්

Mohamed Dilsad

හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්‍රදානය අද …

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණයද කඩිනමින්

Mohamed Dilsad

Leave a Comment