විදෙස්

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දමයි

(UTV|ඇමෙරිකා) – ලොව පුරා සිටින ෆේස් බුක් ගිණුම් හිමියන් මිලියන 87කගේ දත්ත අවභාවිතා කළ බවට චෝදනා එල්ලවූ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමට එම සමාගම තීරණය කරයි.

එල්ලවී ඇති චෝදනා මත සේවාදායකයන් සහ සේවකයින් තම සමාගමෙන් ඉවත්ව යෑම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව එම සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත.

තම සමාගමේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට උත්සහ කළද ඊට අවස්ථාවක් නොලැබුණ බව ඔහු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

මේ අතර ට්විටර් සමාජ මාධ්‍යය විසින් ද සිය ග්‍රාහකයන්ගේ පෞද්ගලික දත්ත ඔවුන්ගේ අවසරයකින් තොරව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වෙත විකුණා ඇති බවට ද  තොරතුරු අනාවරණය වී ඇත.

ඇමරිකානු ජනාධිපතිවරණය ඇතුළු දේශපාලන සමීක්ෂණ සඳහා අදාළ තොරතුරු යොදා ගන්නා ඇති බව සැක කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අදයි

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් චීනයට දින 100ක තීරු බද්දක්

Editor O

ට්‍රම්ප්ගේ සංක්‍රමනික ප්‍රතිපත්තියට මෙක්සිකෝව දැඩි විරෝධය

Mohamed Dilsad

Leave a Comment