ක්‍රීඩා

2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනපතිගේ ඇගයීමට

(UTV| කොළඹ) – 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ඇගයීමට ලක් කිරීම සහ ඔවුන්ට සම්මාන සහ තිළිණ ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (25) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

ශ්‍රී ලංකාව සහභාගී වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණනාවක් දිනා ගනිමින් මෙවර කී්‍රඩා උළෙලේදී ශ්‍රී ලංකා මෘතෘ භූමියට අත්කර දුන් කීර්තිය පිළිබද මෙහිදී ජනාධිපතිතුමා සියලූදෙනා වෙත තම ස්තූතිය පිරිනැමීය.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමෙන් රිදී පදක්කමක් දිනාගත් ඉන්දික දිසානායක, ලෝකඩ පදක්කම් දිනාගත් ජේ.ඒ.සී. ලක්මාල් සහ බී.ඩී. හංසනී ගෝමස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ මුල්වරට ශ්‍රී ලංකා නාමය ඉදිරියේ කාන්තා බොක්සිං පදක්කමක් සටහන් කළ පළමු කී්‍රඩිකාව ලෙස වාර්තා පොතට එක් වූ අනුෂා කොඩිතුවක්කු, මෙන්ම ලෝකඩ පදක්කම් දිනාගත් තිවංක රණසිංහ හා ඉෂාන් සෙනෙවිරත්න බණ්ඩාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එමෙන්ම මේ සදහා දායක වූ පුහුණුකරුවන් ද ඇගයීමට ලක් කිරීම ද සිදු කෙරිණි.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස්, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.බී. පී. හේරත් යන මහත්වරුන් ද පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා සංගම් නිලධාරින් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව 20/20 ශ්‍රේණිගත කිරීම්වලදී 10 වන ස්ථානයට පසුබසී

Mohamed Dilsad

මැතිව්ස් සහ දුෂ්මන්ත ලෝක කුසලාන කණ්ඩායමට කැඳවයි

Mohamed Dilsad

ඩැනියෙල් විටෝරි බංග්ලාදේශයේ උපදේශක ලෙස යොදා ගැනීමට සූදානමින්

Mohamed Dilsad

Leave a Comment