විදෙස්

ලොව වයස්ගතම මිනිසා ගිනස් පොතට

(UTV| ජපානය) – දැනට ලොව ජීවත්වන වයස්ගතම මිනිසා ලෙස ජපානයේ මසාසෝ නොනාකා ගිනස් වාර්තා ආයතනය පිළිගෙන තිබේ.

ඔහුට මේවන විට වයස අවුරුදු 112 කි.

ඔහු උපත ලබා ඇත්තේ 1905 වසරේ ජූලි 25 වනදායි.

මෙවන්සි විට හොකයිඩෝ දිවයිනේ සිය දරු මුණුපුරන් සමඟ ජීවත්වන මසාසෝ  ඕනෑම ආකාරයක රසකැවිලි ආහාරයට ගැනීමට ප්‍රියත්වයක් දක්වන අතර, උණුදිය උල්පත්වලින් නෑමටද පුරුදුවී සිටින බව සඳහන්.

1931 වසරේ විවාහ වූ ඔහුට ළමයින් පස්දෙනෙකු සිටිනවා.

මසාසෝ නොනාකා ලොව වයස්ගතම මිනිසා වූයේ වයස අවුරුදු 113 ක් වූ ස්පාඤ්ඤයේ ප්‍රැන්සිස්කෝ ඔල්වේරා පසුගිය පෙබරවාරියේදී මියයාමෙන් අනතුරුවයි.

ජපානය ජීවිත අපේක්ෂාව අතින් ඉහළ මට්ටමක සිටින රටක් වන අතර, එරට සිටින වයස අවුරුදු 100 ඉක්මවූවන්ගේ සංඛ්‍යාව 68,000 කට අධිකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දින 107කට පසු සිඩ්නි නුවර ඇරේ

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාව ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් යානා නවතයි

Mohamed Dilsad

තුර්කි භූ කම්පනයෙන් 22කු මරුට

Mohamed Dilsad

Leave a Comment