ප්‍රමුඛ පුවත 1

එජාප විශ්වාස භංගය ඉල්ලා අස්කර ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

(UTV| කොළඹ) – අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් නියෝජ්‍ය කථානායකවරයාට සහ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 6 දෙනෙකුට එරෙහිව අද පස්වරුවේ කථානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනා ඉල්ලා අස්කර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි.

අප කල විමසීමකදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට විරුද්ධව මෙම විශ්වාසභංගය එක්සත් ජාතික පක්ෂය අද(07) පස්වරුවේ කථානායකවරයා වෙත භාර දී තිබුණේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය  ලබාදුන් නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 6 දෙනාට සහ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිව එම යෝජනාව භාර දුන් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බෙදී වෙන් නොවී ත‍්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමට කැප වෙමු – ජනපති

Mohamed Dilsad

113 ක බහුතරය සම්පුර්ණයි – ජනපති

Mohamed Dilsad

ඇල්ල රක්ෂිතයේ හදිසි ගින්නක් හටගනී.

Mohamed Dilsad

Leave a Comment