ප්‍රමුඛ පුවත 1

බෙදී වෙන් නොවී ත‍්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමට කැප වෙමු – ජනපති

(UTV|මහනුවර) – ජාති, ආගම් හා දේශපාලන වශයෙන් බෙදී වෙන් නොවී ත‍්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමට සියලුදෙනා එකට එක්විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

දේශපාලන වශයෙන් එකිනෙකා ව්වේචනය කරමින් සහ ජාතිවාදය වපුරමින් බෙදී වෙන් වන විට ශක්තිමත් වන්නේ ත‍්‍රස්තවාදින් බව අමතක නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේ මධ්‍යම පළාතේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් සමඟ අද (10) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවති හමුවේදී ය.

ශ‍්‍රී ලංකාවට පමණක් නොව ලෝකයටම අභියෝගයක් වූ අන්තවාදී ත‍්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමේ දී රටක් ලෙස සංහිඳියාව ඉතා වැදගත් බව අවධාරණය කළ ජනාධිපතිතුමා එසේ නොමැතිව ජාති සහ ආගම් වශයෙන් බෙදී වෙන්වී එකිනෙකා දෙස වෛරයෙන් බැලිමට පටන් ගතහොත් ජයග‍්‍රහණය කරන්නේ සතුරා බවත්, රටේ වත්මන් දරු පරපුර මෙන් ම මතු පරපුර වෙනුවෙන් ද ඊට කිසිවෙකු ඉඩ නොතැබිය යුතු බවත් අවධාරණය කළේය.

එබැවින් දේශපාලන මත සහ ජාතිවාදී අදහස් පසෙකලා සතුරා විනාශ කිරීමට එක්වන්නැයි තමා සියලු ශ‍්‍රි ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

අන්තවාදී ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකා මාතෘ භූමියෙන් මුලිනුපුටා දැමීම ස්ථීර වශයෙන්ම අපගේ ආරක්ෂක අංශ ඉටු කරන අතර එකිනෙකාගේ වෛරි ප‍්‍රකාශ සහ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කරන කටයුතු හේතුවෙන් රටේ ජනකොටස් අතර තිබිය යුතු සංහිඳියාව සහ සහයෝගය ගිලිහීයාමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිතුමා මෙහිදී සියලූ දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.

ත‍්‍රස්තවාදය මැඩැලීමට ආරක්ෂක අංශ විසින් ඉතා සංවිධානාත්මකව කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා එම වැඩපිළිවෙළට අවශ්‍ය සියලු සහය ලබාදෙමින් එය සාර්ථක කර ගැනීමට සියලු රාජ්‍ය නිලධාරීන් කැපවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

ඔයට පෙරළුණු BMWහි හිමිකරු රිමාන්ඩ්

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අදයි

Mohamed Dilsad

Leave a Comment