ප්‍රමුඛ පුවත 1

විශ්වසභංගයට විරුද්ධව ඡන්දය දෙන්න සල්ලි ගත් බවට චෝදනාවක්

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට විරුද්ධව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්දය භාවිත කිරීම සඳහා එක් අයෙකු රුපියල් මිලියන 750ක් බැගින් ලබාගෙන ඇති බවට සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබදව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස කතානායකවරයාට ඉල්ලීමක් කෙරේ.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා ඊයේ(06) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත.

තමන් මුදල් ලබා ගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුත් රඛිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇති බවටයි ඔහු චෝදනා කළේය.

‘‘ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 7 දෙනා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට එක් අයෙකුට ආණ්ඩුව රුපියල් මිලියන 750ක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහන් කරලා තියෙනවා. මෙම ක්‍රියාව හේතුවෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී ඇති අතර, අගමැතිවරයාට මඩ ගැසීමේ වුවමනාවෙන් සිදුකළ දෙයක් හැටියටයි අපි මෙය සලකන්නේ. ඒ නිසා අප පිළිබදව ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීමේ අරමුණින් සිදුකළ මෙම ක්‍රියාව පිළිබදව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසයි මා ඉල්ලා සිටින්නේ.’’

Related posts

විල්පත්තු ඉදිකිරීම් අසත්‍යයි ඇමති රාජිත වගකීමෙන් කියයි – (වීඩියෝ)

Mohamed Dilsad

මෙරට සෞඛ්‍ය සේවය ඇගයීමට ලක් කෙරේ

Mohamed Dilsad

ප්‍රජාතන්ත්‍රවාදය දිනාදීමට අපි කටයුතු කළා – රනිල් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment