ප්‍රමුඛ පුවත 1

විල්පත්තු ඉදිකිරීම් අසත්‍යයි ඇමති රාජිත වගකීමෙන් කියයි – (වීඩියෝ)

(උදයම්, කොළඹ) – විල්පත්තු අභය භූමිය තුල කිසිදු ඉදිකිරීමක් සිදු කර නොමැති බව ඇමති රාජිත සේනාරත්න මහතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරයි.

ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් සහ කැලෑ දෙපාර්තමේන්තු නිලධාරීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව තහවුරු කර ඇති බවයි.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට විල්පත්තු අභය භුමිය සම්බන්දයෙන් චෝදනා කල අවස්ථාවේ ඒ මහතා විසින් මෙහි සියලු ඔප්පු සාක්ෂි සහිතව ඉදිරිපත් කල බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ ප්‍රකාශ කළේය.

මේ රාජිත සේනාරත්න මහතා එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස්.

[blockquote style=”1″]

බදියුදීන් අමාත්‍යවරයාට චෝදනා කරපු අවස්ථාවේ එතුමා 1915 ඔප්පු තිරප්පු පෙන්නුවා.නෛන මරික්කාර්ට අයිතිව තිබුණු ඔප්පු පෙන්නුවා.ඒවායේ තිබුණු රෝහලේ ,ඉස්කෝලේ නෂ්ඨාවශේෂ පෙන්නුවා .ඒවා යුද්ද්ධෙන් තමයි විනාශ වුනේ.” “මේක කැලෑ ප්‍රදේශයක් නම් කිසිම පුද්ගලික ඉදිකිරීමක් තිබෙන්න බෑ. කැලෑ ප්‍රදේශයක් ගැසට් කලාට පස්සේ කිසිම පුද්ගලික ඉදිකිරීමක් කරන්න බෑ.” “ඒ කදවුරේ සිටි මුස්ලිම්වරු සියලුදෙනා ඝාතනය කළා.” “එදා කුඩා දරුවෙක්ව සිටිය රිෂාඩ් ඇමතිතුමාට කැක්කුමක් තියෙනවා එදා ඔහුත් එක්ක ඒ කදවුරේ සිටිය මිනිස්සුන්ව යලි එම ප්‍රදේශයේ පදිංචි කර වන්න.”ඒක මනුස්සකම මිසක් මුස්ලිම්ද, දෙමළද, සිංහලද කියල වෙනසක් නෑ.මමත් ඒ තත්වයට මුහුණ දුන්නා නම් මමත් බොහොම සංවේදී වෙනවා මේ ප්‍රශ්නේ දී

[/blockquote]

Related posts

අවතැන් වූවන්ගේ සහන සැලසීම් සොයාබැලීමට ජනපති අනුරාධපුරයට

Mohamed Dilsad

ජනාධිපතිවරණ අපේක්ෂකයනගේ විශේෂ හමුවක් [VIDEO]

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයේ, ත්‍රිපුද්ගල කමිටු වාර්තාව අද ජනපතිට

Mohamed Dilsad

Leave a Comment