ප්‍රමුඛ පුවත 1

අවතැන් වූවන්ගේ සහන සැලසීම් සොයාබැලීමට ජනපති අනුරාධපුරයට

 

(UTV | කොළඹ) –  අධික වර්ෂාපතනය හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

මෙහිදී අවතැන්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩපිළිවෙළ කඩිනම්ව හා අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අදාළ සහන කටයුතු අදියර දෙකක් යටතේ ක්‍රියාවට නංවා තිබේ. ආපදා අවස්ථාවේ දී ලබාදිය යුතු සහන පිළිබඳ මෙන්ම ආපදාව පහව යාමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ ඊට අයත්ය.

මේ කටයුතුවලදි රජය ඉතා වගකීමෙන් ක්‍රියා කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී නිවාසවලට සිදුව ඇති හානි පිළිබඳ සොයා බලා වහා ක්‍රියාකිරීමටත් , ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලීමටත් , විනාශ වී ඇති වැව් අමුණු ප්‍රතිසංස්කරණය සහ මහාමාර්ග හා ඇල මාර්ග ඇතුළු යටිතල පහසුකම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අග්‍රාමාත්‍යවරයාගේ රාමසාන් පණිවුඩය

Mohamed Dilsad

තලවකැලේ වතු නිවාස පේළියක ගින්නකින් නිවාස විසිහතරක් විනාශයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීරණය සැප්තැම්බර් මුලදී

Mohamed Dilsad

Leave a Comment