ප්‍රමුඛ පුවත 1

මහනුවර වෛද්‍යවරුන් අදත් වර්ජනයේ

(UTV| මහනුවර) – මහනුවර පළාත් රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කළ වර්ජනය අද (27) දිනයේත් ක්‍රියාත්මක කෙරේ.

ඔවුන් ඊයේ (26) මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමිනි.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් අද දහවල් 12ට බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්වූ අතර අද දිනයේදීත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් අසළ රෝගීන් රැදී සිටින බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාපන්දු මිත්‍රත්ව වැඩසටහන එක්වූ දරුවන්ට ඇමති රිෂාඩ් සුබ පතයි

Mohamed Dilsad

ඇන්ජලීන් ගුණතිලක මහත්මීයගේ අවසක් කටයුතු ලබන අගහරුවාදා සිදු කෙරේ

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment