විදෙස්

දුර්ලභ රෝගයක් ඇති දැරියක්

එපිඩර්මඩයිස්පේසියා වරූසිෆෝමස්නම් දුර්ලභ රෝගී තත්ත්වය වැළඳුණු පළමු දැරිය බංග්ලාදේශයෙන් වාර්තා වේ.

ඒ අනුව ඇය ‘tree man syndrome’ ලෙසින් ප්‍රසිද්ධ එම රෝගී ත්ත්තවය වැළඳුණු පළමු කාන්තාව ඇය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට සිව් මසකට පෙර සහානා කාටන් නම් 10 හැවිරිදි දැරියගේ මුහුණේ ඉන්නන් වැනි පොතු හට ගෙන තිබේ.

අතර පසුව එය මුහුණේ කිහිප ස්ථානයක පැතිරී ගොස් ඇත.

රෝගය පැතිර යාමත් සමග දැරිය ඩකාහි රෝහලකට ඇතුළත් කර තිබේ.

දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ, දැනට සිදු කළ පරීක්ෂණ අනුව සිය රෝග විනිශ්චයන්ට අනුව සහානාට ‘tree man syndrome’ රෝගී තත්ත්වය වැළඳී ඇති බව ය.

වෛද්‍ය විද්‍යාවේදී ‘එපිඩර්මඩයිස්පේසියා වරූසිෆෝමස්’ නමින් හැඳින්වෙන මෙම රෝගය වැළඳුණු පසු ගසක අතු විහිදෙන ස්වභාවය ගන්නා බැවින් එම රෝගය ‘tree man syndrome’ ලෙස ද හැඳින්වේ.

මෙය දුර්ලභ ගණයේ ප්‍රවේණිගත රෝගී තත්ත්වයක් වන අතර සහානාගේ එම රෝගී ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ, මුහුණේ වීම විශේෂත්වයකි.

 

Related posts

ප්‍රංශයේ හිටපු ජනපති සාකෝසිට සිරදඬුවම්

Mohamed Dilsad

ඩොලර් බිලියන 12ක ණයක් සමග මස්ක් ‘X’ සමාගම විකුණයි

Editor O

ඉන්දියාවේ පැතිරෙන “ටොමැටෝ ‍ෆීවර්”

Mohamed Dilsad

Leave a Comment