විදෙස්

ප්‍රංශයේ හිටපු ජනපති සාකෝසිට සිරදඬුවම්

(UTV | ප්‍රංශය) – ප්‍රංශයේ හිටපු ජනපති නිකොලස් සාකෝසි මහතාට දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවම් පනවා එය වසර දෙකකට අත්හිටුවා ඇත.

මහේස්ත්‍රාත්වරයෙකුට අල්ලස් ලබාදීමේ චෝදනාවකට වැරදිකරු වීම හේතුවෙන් ඔහුට මෙම දඬුවම ලබාදී ඇත.

ප්‍රංශයේ මෙවැනි දඬුවමක් ලැබූ පළමු ජනපතිවරයා සාකෝසිය.

සාකෝසි පවසන්නේ ඔහු අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

2007 වසරේ සිට වසර පහක් ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සාකෝසි මහතා මේ වනවිට 66 වැනි වියේ පසුවෙයි. ඔහු දැඩි සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

සාකෝසි මහතාට එරෙහිව තවත් වැරදි කිහිපයකටම චෝදනා ගොනුකර තිබේ.

 

Related posts

අකුණු සැර වැදීමෙන් එක් දිනකදී 100 කට අධික පිරිසක් මිය යයි

Mohamed Dilsad

නයිජීරියාවේ පාසල් ළමයින් පැහැර ගැනීමේ සැලසුමක් ව්‍යර්ථ වෙයි

Mohamed Dilsad

පෝලන්තයේ නගරාධිපතිවරයෙකුට පහර දීමක්.

Mohamed Dilsad

Leave a Comment