ප්‍රමුඛ පුවත 1

ජනපති නියමයෙන් ෆේස්බුක් තහනම අවසන්

(UTV| කොළඹ) – දැනට අවහිරකර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය ප්‍රවේශය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට උපදෙස් ලබා දෙයි.

ජනාධීපතිවරයාගේ ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ ෆේස්බුක් සමාගමේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (15) පෙරවරුවේ ෆේස්බුක් සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බවයි.

එම සාකච්ඡාවේදී ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් ලබාදුන් පොරොන්දුවකට අනුව මෙම අවහිරතාව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මේ මස 04 වැනිදා රජයේ විධායක සේවා නිලධාරීන් ලෙඩ නිවාඩු

Mohamed Dilsad

ජනාධිපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

ලංවීම සේවකයින් අදත් අකුරට වැඩ

Mohamed Dilsad

Leave a Comment