ප්‍රමුඛ පුවත 1

ජනපති නියමයෙන් ෆේස්බුක් තහනම අවසන්

(UTV| කොළඹ) – දැනට අවහිරකර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය ප්‍රවේශය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට උපදෙස් ලබා දෙයි.

ජනාධීපතිවරයාගේ ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ ෆේස්බුක් සමාගමේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (15) පෙරවරුවේ ෆේස්බුක් සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බවයි.

එම සාකච්ඡාවේදී ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් ලබාදුන් පොරොන්දුවකට අනුව මෙම අවහිරතාව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඒ-9 මාර්ගයේ අනතුරකින් විහාරාධිපති හිමිනමක් අපවත් වෙති

Mohamed Dilsad

සයිටම් එරෙහිව අන්තරෙන් විසි පන්ලක්ෂයක ජනතා පෙත්සමක්

Mohamed Dilsad

දකුණේ උණ රෝගය පාලනය කර ඇති බව සෞඛ්‍ය අංශ කියයි

Mohamed Dilsad

Leave a Comment