කලා

ඩොන්’ 3 චිත්‍රපටයට ප්‍රියංකා ඕනෙමලු – ෂාරුක්

(UTV| කොළඹ) – බොලිවුඩයේ චිත්‍රපට අධ්‍යක්ෂ ෆර්හාන් අක්තාර්ගේ ‘ඩොන්’ 3 චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන නිළි චරිතයට පන පෙවීම සදහා ප්‍රියංකා චොප්රාම අවශ්‍ය බව සුපිරි නළු ෂාරුක් ඛාන් පවසයි.

ඩොන්’ 3 චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතය.

එහි ‘ඩොන්’ලෙස රංගනයෙන් දායක වෙන ෂාරුක් ඛාන් සමගින් ප්‍රියංකා චොප්රා ‘ඩොන්’1 සහ 2 චිත්‍රපටයේද රංගනයෙන් දායක වුවාය.

චිත්‍රපට අධ්‍යක්ෂක ෆර්හාන් අක්තාර් ඇතුළු පිරිස මුලින් යෝජනා කර තිබුණේ ප්‍රියංකා වෙනුවට නවක නිළියක් මේ සඳහා සම්බන්ධ කර ගැනීමටය.

ක්‍රිති ෂැනොන්, ඉලේනා ඩීකෲස්, ඇම් ජැක්සන්ගේ නම් මීට පෙර ‘ඩොන්’ තුන්වැනි චිත්‍රපටය සඳහා යෝජනා වී තිබුණි.

කෙසේ වෙතත් ෂාරුක්ගේ දැඩි ඉල්ලීම මත මෙම චිත්‍රපටයට පසුව ප්‍රියංකා චොප්රාගේ නම යෝජනා වු බව ඉන්දීය පුවත් වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

MS Dhoni චිත්‍රපටයේ රඟපෑ තවත් නළුවෙකු සියදිවි හානිකර ගනී

Mohamed Dilsad

ඩිල්ශාන්ගේ වැඩිමහල් දියණියගේ උපන් දිනය සැමරූ හැටි

Mohamed Dilsad

91 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ අවසන් නිර්දේශ මෙන්න….

Mohamed Dilsad

Leave a Comment