කලා

MS Dhoni චිත්‍රපටයේ රඟපෑ තවත් නළුවෙකු සියදිවි හානිකර ගනී

(UTV | ඉන්දියාව) – MS Dohni : The Untold Story චිත්‍රපටයේ රඟපෑ තවත් නළුවෙකු සියදිවි නසාගෙන ඇති බව මුම්බායි පොලිසිය විසින් තහවුරු කරගෙන ඇත.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවාට රඟපෑ සුෂාන්ත් සිං රාජ්පුත් ද පසුගිය වසරේදී සියදිවි නසා ගත්තේය.

මුම්බායි පොලිසිය සඳහන් කරන්නේ සන්දීප් නහාර් නම් නළුවා ඊයේ (15) දිනයේදී සියදිවී නසා ගෙන ඇති බවයි.

මෙම මරණය සියදිවි නසා ගැනීමක් ද එසේත් නොමැති නම් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුවී ඇති බව පවසන එය සැකහැර දැන ගත හැක්කේ මරණ පරීක්ෂණයෙන් පසුව බව මුම්බායි පොලිසිය සඳහන් කරයි.

තමාගේ මෙම තීරණයට හේතුව පෞද්ගලික ගැටළුවක් බව සඳහන් කරමින් සන්දීප් නහාර් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් ද තබා ඇත. එහිදී තමා සිය බිරිඳ වන යහපත් සබඳතාවයක් නොමැති බව එහි සඳහන් කර ඇත.මේ වන විට එය ඉවත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුම්බායි පොලිසියේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ සන්දීප් නහාර් ඇද ඇතිරිල්ලක් ආධාරයෙන් විදුලි පංකාවක එල්ලීමෙන් සියදිවි නසා ගෙන ඇති බවයි.

ඒ පිලිබඳව පළමුව දැක ඇත්තේ ඔහුගේ බිරිඳ බවත් පසුව ඇය පොලිසියට සිදුකළ දැනුම් දීමක් අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා සඳහන් කර සිටියි.

 

Related posts

Black Panther චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා තබයි

Mohamed Dilsad

විරේ දී වෙඩින් චිත්‍රපටයේ දෙවැන්නක්

Mohamed Dilsad

ලොවම කැළඹූ සුප්‍රසිද්ධ නිල් චිත්‍රපට තරුව මියා කලීෆා මිය ගිය පුවතේ ඇත්ත නැත්ත

Mohamed Dilsad

Leave a Comment