ප්‍රමුඛ පුවත 1

සරසවි ශිෂ්‍ය සංගම් 15 කට එරෙහිව නියත ආඥාවක්

(උදයම්,කොළඹ) – මහජනතාවට පීඩා වන පරිදි රැස්වීම් හා උද්ඝෝෂණ කිරීම වළක්වාලමින් කොළඹ අතිරේක මහසේත්‍රාත් අධිකරණය කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයට නියත ආඥාවක් නිකුත් කරයි.

අද(02)පෙරවරුවේ කොළඹ අතිරේක මහසේත්‍රාත් රංග දිසානායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කරණ ලදී.

ඒ අනුව කැලණි වෛද්‍ය පීඨය ඇතුළු ශිෂ්‍ය සංගම් 15ක් කොටුව දුම්රිය ස්ථානය, ලිප්ටන් වටරවුම, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු ස්ථාන කිහිපයකදී අද පස්වරු 12ට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට  සූදානමක් ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු  මෙම නියත අඥාව නිකුත් කර තිබේ.

මෙම උද්ඝෝෂණය සැලසුම් කර ඇත්තේ, අභියාචනාධිකරණය පසුගිය දා සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවට එරෙහිව ය.

ඒ අනුව මහජනතාවට හිරිහැරයක් වන පරිදි කටයුතු කිරීම වළක්වාලමින් ඔනෑ ම අයෙක් කිසිදු වග විභාගයකින් තොරව අත්අඩංගුවට ගෙන අධිකණය ට හමුවට ඉදිරිපත් කිරීමට පොලීසියට බලය හිමි වේ.

Related posts

හංවැල්ල වෙඩි තැබීමේදී පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත් වෙයි

Mohamed Dilsad

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් සිසුන් 08 දෙනාට දඩ නියම කර මුදාහරියි…

Mohamed Dilsad

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් මෙරට ධීවරයින් 7දෙනෙකු නිදහස්

Mohamed Dilsad

Leave a Comment