ක්‍රීඩා

ශ්‍රී ලංකාවට නිදහස් කුසලානය අහිමි වෙයිද?

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන නිදහස් කුසලාන තුන් කොන් තරඟාවලියෙන් ඉවත්වීමේ  අවදානමක ශ්‍රී ලංකා කණ්ඩායම පසුවේ.

ඒ ඉන්දියාව සමඟ ඊයේ (12) පැවැති දෙවන තරඟයෙන් කඩුලු 06ක පරාජයක් ලැබීමත් සමඟය.

වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප්‍රමාද වූ අතර, පසුව තරඟය එක් පිළකට පන්දු වාර 19 දක්වා සීමා කෙරුණි.

කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා  කළා.

ශ්‍රී ලංකා පිළ සිය පන්දු වාර 19 තුළ දී කඩුලු  09ක් දැවී රැස් කළේ ලකුණු 152ක් පමණයි.

පිළිතුරු වශයෙන් ඉන්දීය පිළ කඩුලු 04ක් දැවී ලකුණු 153ක් ලබා ගත්තේ ජය හිමි කර ගනිමිනි.

මෙම තරඟයෙන් පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවට ලබන සිකුරාදා බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරඟය තීරණාත්මක වනු ඇත.

එම තරඟය ද පරාජයට පත්වුවහොත් අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබන්නේ ඉන්දියාව සහ බංග්ලාදේශයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී

Mohamed Dilsad

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සමාප්ති උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්(ඡායාරූප)

Mohamed Dilsad

ඉන්දීය – ශ්‍රී ලංකා තරඟ සංචාරය කල් දැමේ

Mohamed Dilsad

Leave a Comment