ප්‍රමුඛ පුවත 1

ජනපති ජපානයට යාමට සුදානම්

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(12) දහවල් ජපානය බලා පිටත්ව යාමට නියමිතය.

ඒ ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයකට අනුවය.

මේ අනුව අද (12) සිට 17 වනදා දක්වා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වෙයි.

මාර්තු මස 13 වැනි දින ජපානයේ අකිහිතෝ අධිරාජයා බැහැදැකීමට නියමිත ජනාධිපති සිරිසේන මහතා මාර්තු මස 14 වැනි දින සමුළු සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය අබේ මහතා මුණගැසෙයි. සාකච්ඡාවලින් අනතුරුව ජපන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනපතිවරයා වෙනුවෙන් රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ඇත. නායකයන් දෙපළ ශ්‍රී ලංකාව හා ජපානය අතර සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා රජය හා ජපන් අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනය (ජයිකා) අතර යෙන් ණය ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතය.

ජපන් විදේශ වෙළෙඳ සංවිධානය (ජෙට්රෝ) විසින් සංවිධානය කරනු ලබන, ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ තෝක්යෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සම සත්කාරකත්වය දරන ව්‍යාපාරික රැස්වීමකටද ජනාධිපති සිරිසේන මහතා සහභාගී වනු ඇත. මෙම රාජ්‍ය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපානයේ සිටින ශ්‍රී ලාංකික ජනතාවද මුණගැසීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩවලව රක්ෂිතයේදි වෙඩි හුවමාරුවක්

Mohamed Dilsad

මෙරට ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම ගුවන් අනතුරට අදට වසර 45යි

Mohamed Dilsad

අඹගහවෙල ප්‍රදේශයේ සිදුවූ මාරක අනතුරින් මිය ගිය ගණන ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment