ප්‍රමුඛ පුවත 1

ඩුබායි අත්අඩංගුවේ සිටින අමල් ඇතුළු පිරිස ගැන තීරණය අද

(UTV| කොළඹ) – ඩුබායි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු 31 දෙනා සම්බන්ධයෙන් අද තීන්දුව අද ලබාදීමට නියමිතය.

ඒ එරට නීතියට අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙනි.

අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශීල්පි රයන් වැන්රෝවන් ඇතුළු සැකකරුවන් 31ක් දෙනා මේ වන විට බර්- ඩුබායි පොලිස් සිර මැදිරියේ රඳවා තිබේ.

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පොලීසිය වෙත කරුණු දැක්වීම සඳහා නීතිඥ උදුල් ප්‍රේමරත්න ඩුබායි රාජ්‍යය වෙත ගොස් සිටියි.

ඒ අනුව නීතිඥවරයා විසින් ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස, ඇප ලබා දෙන ලෙස හෝ මෙරටට පිටුවහල් කරන ලෙස අද (12) දිනයේදී ඩුබායි පොලීසිය වෙත කරුණු දැක්වීමට නියමිතය.

එමෙන්ම ඩුබායිහිදි අත්අඩංගුවට ගැණුුනු මාකඳුරේ මධූෂ් සමඟ සිටින ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු 18 දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් විමර්ශන වලදී හෙලිවී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රැකියා ලබාදීමේ යුගයක් අපි නිර්මාණය කරනවා’ අගමැති කියයි

Mohamed Dilsad

ගෑස් හිඟයට විසඳුම් දින දෙකක් ඇතුලතදී

Mohamed Dilsad

මොරගහකන්ද ජලාශය සමඟ කෘෂිකාර්මික කටයුතුවල නැවුම් පිබිදීමක්

Mohamed Dilsad

Leave a Comment