ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ගෑස් හිඟයට විසඳුම් දින දෙකක් ඇතුලතදී

 

(UTV | කොළඹ) – ඉදිරි දින දෙක තුලදී මේ දිනවල වෙළඳපලේ පවතින ගෑස් හිඟය විසඳීමට හැකි වන බව ගෑස් සමාගම් පවසයි.

ජාත්‍යතන්තරයේ ගෑස් නිෂ්පාදනය පහලයාම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක මේ වන විට ගෘහස්ත ගෑස් හිඟයක් පවතින ගෑස් සමාගම් පෙන්වා දෙයි.

ජාත්‍යන්තර වෙළදපොලේ , පසුගියදා සෞදි අරාබියාවේ ගෑස් සහ ඉන්ධන නිෂ්පාදන මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ගෑස් නිෂ්පාදනය සියයට 35කින් පමණ අඩුවී ඇත.

එම නිසා මෙරටට ගෑස් ආනයනයේදී යම් ප්‍රමාදයක් සිදුව ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරිම සඳහා මේ වන විටත් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් ඉදිරි දින දෙක තුළ වෙළදපොලේ පවතින ගෘහස්ත ගෑස් හිඟයට විසදුම් ලබාදීමට හැකියාව පවතින බව ගෑස් සමාගම් පෙන්වා දෙයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන ආකාරයට වෙළදපොල තුළ ගෑස් හිඟයක් නිර්මාණය කිරිමේ අරමුණින් ගෑස් සඟවාගෙන සිටින සහ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලිම් සිදු කෙරේ.

මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ගෑස් හිඟයත් සමඟ මෙම වැටලීම් අඛණ්ඩව සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කර්මාන්ත, ග්‍රාමීය ආර්ථික, රාජ්‍ය ව්‍යවසාය වැයශීර්ෂ විවාදයට

Mohamed Dilsad

ලිංගික උත්තේජන ඖෂධ තොගයක් රාජ සන්තකයි

Mohamed Dilsad

දකුණු පළාතට දෙමළ භාෂා ගුරුවරුන් 314ක්.

Mohamed Dilsad

Leave a Comment