Trending News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛ පෙළේ ස්වාධීන කොමිසමක සම සභාපතිධූරය මෙරටට

(UTV| කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝනොවන රෝග පාලනය කිරීම සඳහා වූ ප්‍රමුඛ පෙළේ ස්වාධීන කොමිසමක සම සභාපතිධූරය ජනාධිපතිවරයාට පිරි නැමේ.

මෙවර එවැනි සම සභාපතිධූර 05 ක් පිරිනමා තිබේ.
ඒ අතර පින්ලන්ත ජනාධිපතිවරයා, උරුගුවේ ජනාධිපතිවරයා, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය සහ පාකිස්ථානයේ විශ්‍රාමික අමාත්‍යවරයෙකු වන බව වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් සම සභාපති ධූරයේ සියලු වගකීම් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පවරා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
තිරසර සංවර්ධන ඉළක්ක ජය ගැනීම සදහා බෝනොවන රෝග පාලනය කිරීම සදහා ප්‍රායෝගික නිර්දේශ යෝජනා කිරීම මෙම ස්වාධීන කොමිසමට පැවැරී ඇති වගකීම වෙයි.
එහි පළමු අධියර යටතේ සමසභාපති ධූර හොඹවන සාමාජික රටවල් සමග සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය සිකුරාදා ස්කයිප් තාක්ෂණය ඔස්සේ බෝනොවන රෝග පාලනය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගන්නා ලදි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Train Services on the up-country Railway Line Restored

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත් ප්‍රේමදාස ට

Editor O

டிசம்பர் வரை எரிபொருள் ​விலை அதிகரிக்கப்படும்

Mohamed Dilsad

Leave a Comment