ප්‍රමුඛ පුවත 1

රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා අත්අඩංගුවට

(UTV| කොළඹ) – රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනේ.

ඒ  රාජාංගනය ජලාශයේ ජලය පානීය ජල ව්‍යෘපෘතියකට යොදා ගැනීමට විරෝධය පළ කරමින් සිදුකළ විරෝධතාවය සංවිධාන කිරීම හේතුවෙනි.

මෙම ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් ගොවීන් පෙරේදා(28) වන දා පාදෙනිය – අනුරාධපුර මාර්ගය අවහිර කරමින් පැය 03 කට අධික කාලයක් විරෝධතාවයේ නිරත වුණේ ව්‍යාපෘතිය නිසා තම ගොවිතැන් කටයුතු විනාශ වන බව පවසමිනි.

එහිදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් මතුවූ අතර, පිරිස විසුරුවා හැරීමට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර ද එල්ල කෙරුණි.

ඒ අනුව රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩබ්ලිව්.ඒ.නිහාල් වන්නිආරච්චි මහතා රාජාංගනය ප්‍රදේශයේදීම ඊයේ (01) අත්අඩංගුවට ගත් බවයි තඹුත්තේගම පොලිසිය පැවසීය.

මීට අමතරව තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇත.

ඒ සඳහා වීඩියෝ දර්ශනද උපයෝගී කර ගැනීමට නියමිතය.

අදාළ විරෝධතාවයේදී අධිකරණ නියෝග කඩකරමින් කලහකාරී ලෙස හැසිරීම නිසා අත්අඩංගුවට ගත් සැකකරුවන් 59 දෙනා තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් 50 දෙනෙකු මේ මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඉන් 09 දෙනෙකු සානුකම්පිත හේතු ඉදිරිපත් කිරීම නිසා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බීඩිකොළ කිලෝ 950කට අන්න ප්‍රමාණයක් නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

ETI තැන්පත්කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්…

Mohamed Dilsad

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment