ප්‍රමුඛ පුවත 1

ගම්පහට පැය 12ක ජාල කප්පාදුවක්

(UTV| කොළඹ) –  අද (28) පෙරවරු 9 සිට පැය 12ක කාලයක් ගම්පහ, ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

මේ අනුව පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශවලට සහ කැළණිය, වත්තල, බියගම, මහර, ජා-ඇල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇත.

එසේම බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපය, දොම්පේ ප්‍රාදේශීය සභාවට අයත් දෙකටන, නාමළුව, මල්වාන, කළුකොඳයාව සහ දොම්පේ ප්‍රදේශයට මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඉහළ යාගොඩ, පහළ යාගොඩ, පියරතන මාවත, වැලිවේරිය, රතුපස්වල යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේය.

Related posts

මුලින්ම පළාත් සභා මැතිවරණය – ජනපති කියයි

Mohamed Dilsad

අධිවේගී මාර්ගවල බස් ගාස්තු අඩු වේ

Mohamed Dilsad

මින්නේරිය වනජීවි කාර්යාලයේ සිටි රැඳවියෙකු පැහැර ගෙන යයි

Mohamed Dilsad

Leave a Comment