Trending News

කැබිනට් සංශෝදනය ලබන සඳුදාද?

(UTV| කොළඹ) – කැබිනට් සංශෝධනය අද සිදු වන වන බවට බොහෝ දෙනෙකු බලා සිටියද එය ලබන සඳුදා සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දින ගණනාවක් තිස්සේ මේ පිළිබඳව විවිධ පාර්ශව විවිධ මත පල කරයි.

එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර, පැවති සාකච්ඡා කිහිපයකින් අනතුරුව අද (23) දිනයේ බොහෝ දුරට එම සංශෝධනය සිදුවිය හැකි බවට බලාපොරොත්තු වුවද බොහෝ දුරට එය ලබන සඳුදා සිදු වන බව විශවාස කෙරේ.

සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඇතැම් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙනස් වන බවට මේ වනවිටත් විවිධ ප්‍රචාරයන් පැතිර ගොස් ඇත.

එහෙත්, ප්‍රධාන පක්ෂ දෙකට හිමි කැබිනට් අමාත්‍ය ධුර වල වෙනසක් සිදුනොවනු ඇති බවටයි එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය වත්මන් රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වාහනවල තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩසටහනක්

Editor O

Dissident AIADMK leader holds talks with TNA

Mohamed Dilsad

யாழில் அதி உயர் பாதுகாப்பு

Mohamed Dilsad

Leave a Comment