Trending News

“ගම හදා ගමු“ පළමු වැඩසටහන අද ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV| රත්නපුරය) – මතින් නිදහස් රටක් ජාතික වැඩපිළිවෙළ යටතේ කි‍්‍රයාත්මක “ගම හදා ගමු“ ග‍්‍රාමීය වැඩසටහනේ පළමු වැඩසටහන ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) ඇඹිලිපිටිය මහවැලි කි‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ප‍්‍රජා පොලිස් කමිටුවල නියෝජිතයින්, ආරක්ෂක අංශවල මෙන්ම රාජ්‍ය නිලධාරින් ද මීට එක්වන අතර “මතින් තොර ගමක්“ යන්න තේමා කර ගනිමින් පාසල් සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කෙරෙන ඉදිරිපත් කිරීම් රැසකින් ද මෙය සමන්විතය.සාමකාමී ශ‍්‍රී ලාංකීය සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා ග‍්‍රාමීය ප‍්‍රජාවගේ දායකත්වය ලබාගැනීමේ අරමුණින් කි‍්‍රයාත්මක “ගම හදා ගමු“ ග‍්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ලංකාවේ සියලුම ගම්මානවල ප‍්‍රජා පොලිස් කමිටු මූලික කරගෙන මත්ද්‍රව්‍ය වැටලීම්, පුනරත්ථාපන හා නිවාරණ කටයුතු මේ වන විට ආරම්භ කොට තිබේ.
ගම තුළ නීති විරෝධි මත්ද්‍රව්‍ය විකිණීම හා නිෂ්පාදනය අවම කිරීම සඳහා තිරසාර ක‍්‍රමවේදයක් සැකසීම සහ ගම්වාසින්ගේ සාමුහිකත්වය තුළ මෙම ජාවාරම්කරුවන්ට බලපෑමක් එල්ල කිරීම, එවැනි කර්මාන්තවල නියැලී සිටින පුද්ගලයන් වෙනත් රැකියා සඳහා යොමු කිරීම හා අධීක්ෂණය කිරීම, ග‍්‍රාමීයව සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම හා සහය ලබාදීම, ග‍්‍රාමීය මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සිදුකිරීම, ගමේ තරුණ පිරිස හා පාසල් දරුවන් මූලික කරගනිමින් මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳව සමාජය දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ කි‍්‍රයාත්මකය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 First Party Leaders Meeting today

Mohamed Dilsad

டி-20 தொடரை கைப்பற்றியது ஆப்கானிஸ்தான்

Mohamed Dilsad

UN deeply alarmed by Syria Army offensive in Deraa

Mohamed Dilsad

Leave a Comment