ප්‍රමුඛ පුවත 1

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දිවයිනට ආවේ ඇයි?

(UTV| කොළඹ) – බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා දිවයිනට පැමිණෙයි.

ඒ මෙරට රජය විසින් කළ කැඳවීමකට අනුවය.

දහවල් 12.33ට පමණ ලන්ඩනයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 504 දරණ යානයෙන් ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේය.

නිදහස් දිනය දා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට ගෙළ පෙන්වා සංඥාවක් කිරීමේ සිද්ධිය හේතුවෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳව වැඩි අවධානයක් යොමු විය.

පසුව ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ බව විදේශ අමාත්‍යාංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලත් පසුව ජනාධිපතිවරයාගේ නියෝගය මත ඔහු යලි එම රාජකාරිවල පිහිටු විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සියළුම දේශපාලනඥයින්ට දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවේවි – සජිත්

Mohamed Dilsad

අගමැති රනිල් අද (18) ඉන්දීයාවට

Mohamed Dilsad

මාවනැල්ලේ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment