ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාදේ ගිය 27 දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 27 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි.

හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිළධාරින් විසින් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ දියගල ප‍්‍රදේශයේදී  පසුගිය 17 වන දින  පස්වරුවේ  සිදුකළ පරික්‍ෂාවකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මේ සඳහා පොලිස් කොට්ඨාශයේ සුනඛ අංශයේ කෝරා සුනඛයාගේද සහයෝගය ඇති බව පොලිසිය පැවසීය.
එම සැකකරුවන් ලඟ තිබී හෙරෝයින් මිලිග‍්‍රෑමි 8 ක් කේරල ගංජා මිලිග‍්‍රෑමි පනස්නවදහස් හත්සිය පනහක්  සහ නීති විරෝධී දුමිවැටි 27 ක් ද, අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ, කුරුණෑගල, කලූතර, පානදුර, දෙහිවල සහ පිලියන්දල යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු විස්සත් තිහත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බවයි හැටන් පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නිල නොලත් මැතිවරණ විකාශයන්ට අවසර නෑ

Mohamed Dilsad

ජන බලය නිසා අවහිර වන මාර්ග

Mohamed Dilsad

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩුවීමක්.

Mohamed Dilsad

Leave a Comment