ප්‍රමුඛ පුවත 1

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අද අධිකරණය හමුවට

(UTV| කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (16) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගත්තේය.

එමෙන්ම, අධිකරණයෙන් ලබාගත් අවසරය මත පොලිසිය සැකකරුවන්ගෙන් දීර්ඝ ප්‍රකාශ ලබාගෙන ඇති බවද වාර්තාවේ.

අර්ජුන් ඇලෝසියස්ගේ නීතිඥයින් ඔවුන්ට ඇප ලබාදෙන ලෙසට අධිකරණයෙන් පසුගියදා ඉල්ලා සිටියත් ඊට නීතිපති දෙපාර්තමේන්තුව දැඩි විරෝධය පළ කර ඇත.

මේ අතර, බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබාදී තිබූ කාලය ඊයේ (15) දිනයෙන් අවසන් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට භූමි තෙල් ලීටරයක මිල පහළට

Mohamed Dilsad

නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අරඹයි [VIDEO]

Mohamed Dilsad

ගලහ රෝහලේ නොසන්සුන් තත්ත්වය පාලනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment