ප්‍රමුඛ පුවත 1

අද මධ්‍යම රාත්‍රියේ සිට භූමි තෙල් ලීටරයක මිල පහළට

(UTV|කොළඹ) – කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව අද (12) මධ්‍යම රාත්‍රියේ සිට භූමි තෙල් ලීටරයක මිල පහත දැමීමට නියමිතය

ඒ රුපියල් 70 දක්වාය.

මෙම යෝජනාව අද (12) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මැයි මස 10 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය කටයුතු කිරීමත් සමඟ රුපියල් 44ක්ව පැවති භූමි තෙල් ලීටරයක් රුපියල් 101 ක් දක්වා ඉහළ දැමුණි.

ඊට විරෝධය පළ කරමින් හලාවත, මීගමුව, බේරුවල ඇතුළු ප්‍රදේශ රැසක ධීවරයින් පසුගිය දින කිහිපයේම විරෝධතා ව්‍යාපාරයන් දියත් කළේය.

මේ අතර, ධීවර සංගම්වලින් එල්ලවූ විරෝධතා හේතුවෙන් එම සංගම් නියෝජිතයන් සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අතර ඊයේ (11) සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී ධීවරයින් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා පහත හෙලීමට එකඟතාව පළ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2020 වසර සඳහා නොමිලේ පෙළපොත් බෙදාහැරීම අදින් ඇරඹේ.

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය වැය ශිර්ෂ කප්පාදු යෝජනාව න්‍යාය පත්‍රයට

Mohamed Dilsad

එමිල් රංජන් යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment