Trending News

යහපාලන ආණ්ඩුව ගැන තීරණයක් ගන්න විශේෂ කමිටුවක්

(UTV| කොළඹ) – යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර එකඟතාවයක් ඇතිව තිබේ.

ඒ, ජනාධිපති නිළ නිවසේ ඊයේ (13) රාත්‍රියේ පැවති හමුවේදියි.

මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් සහභාගී වුහ.

අඳාල කමිටුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජිතයන් 05 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජිතයන් 05 දෙනෙකු පත් කිරීමට නියමිතය.

එම නියෝජිතයන් පත් කිරීම අද (14) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්විමෙන් පසුව සිදුකිරීමට තීරණය කෙරුණි.

එසේම එම කමිටුවේ තීරණය අද පස්වරුවේ ජනාධිපතිවරයා වෙත ලබාදීමට ද එකඟතාවයකට පැමිණි තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Three new Governors appointed by President

Mohamed Dilsad

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ පාර්ලිමේන්තු විවාදය අද

Editor O

“Government has a huge program for upcountry” – Prime Minister

Mohamed Dilsad

Leave a Comment