ප්‍රමුඛ පුවත 1

අධිකරණයෙන් නාමල්ට අද ලැබුණු නියෝගය

UTV | COLOMBO – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (12) නියෝග කළා.

ඒ තමන්ට මේ මස 24 වනදා සිට මැයි මස 18 වනදා දක්වා ඇමරිකාවේ සහ නේපාලයේ පැවැත්වෙන සංචාර කිහිපයකට එක්වීමට අවශ්‍ය බවට කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනයට යැයි පවසා ක්‍රිෂ් සමාගමෙන් ලබාගත් රුපියල් මිලියන 70ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය පැවරූ නඩුවකට අදාලව ඇප ලබාදීමේදී මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා විදෙස් ගමන් බලපත්‍රය ඔහුට යලි ලබාදෙන ලෙසත් ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාව දැනුම්වත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

Related posts

අද සිට දුම්රිය 7කට කාන්තා මැදිරි ක්‍රියාත්මකයි.

Mohamed Dilsad

සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩලය වර්ජනයේ

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල හෙට නිකුත් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment