ප්‍රමුඛ පුවත 1

රටේ සියලු ජනතාවගේ නායකයා ලෙස ඔවුන් සියලුදෙනාගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට තමා කැපවී සිටින බව ජනපති කියයි

(UTV| කොළඹ) – ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව මේ රටේ සියලු ජනතාවගේ නායකයා ලෙස, ඔවුන් සියලුදෙනාගේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටීමට තමන් කැපවී සිටින බව ජනාධිපතිතුමා පවසයිි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) පස්වරුවේ පොතුවිල් ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

මෙවර පළාත් පාලන මැතිවරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අම්පාර දිස්ති‍්‍රක් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබුණි.

පශ්චාත් යුද සමයේ ඉටු නොවූ කාර්යයක් වන රට තුළ ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඉකුත් වසර 03 තුළ තමන් සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව ද ජනාධිපතිතුමා මෙහිදී පොතුවිල් ජනතාව අමතමින් ප‍්‍රකාශ කළේය.

පසුගිය පාලනය මේ රටේ ජනතාවට අමතක වී නොමැති අතර, අද වේදිකාවල ඔවුන් කරන ප‍්‍රකාශවලට ජනතාව හසු නොවන බව ද කියා සිටී ජනාධිපතිතුමා මේ රටේ සියලු ජනතාවගේ පක්ෂය වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග අත්වැල් බැඳගනිමින් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට කැපවෙමු යැයි ද එම ජනතාවට ආරාධනා කළේය.

පොතුවිල් ප‍්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී කි‍්‍රයාවට නංවන බව පැවසූ ජනාධිපතිතුමා වැඩි සංචාරකයින් පිරිසක් එම ප‍්‍රදේශයට ගෙන්වා ගනිමින් ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම අපේක්ෂාව බව කියා සිටියේය.

එසේම ප‍්‍රදේශයේ ජනතාව කෘෂිකර්මාන්ත කටයුතුවලදී මුහුණදී සිටින ප‍්‍රධාන ගැටලුවක් වන ජල ගැටලුව විසඳීම සඳහා හැඩඔය ජල ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ප‍්‍රදේශයේ තරුණ තරුණියන්ට දැඩි අඩුපාඩුවක්ව පවතින කී‍්‍රඩාංගණයක් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන අතර, කලාප අධ්‍යාපන කාර්යාලයක් පිළිබඳ තිබෙන ගැටලුව විසඳීමට ද ඉදිරියේ අදාළ අංශ සමග සාකච්ඡා කරන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

මේ අතර නැගෙනහිර රැකියා නොමැාති උපාධිධාරින්ගේ ගැටලුව විසඳීමට ද ඉතා කඩිනමින් පියවර ගන්නා බව පැවසූ ජනාධිපතිතුමා ඔවුන් කිසිසේත් ඇතැම් දේශපාලන විරුද්ධවාදීන් කරන ප‍්‍රකාශ පසුපස යාමට අවශ්‍ය නොවන බව ද පැවසීය.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ජාතික කොංග‍්‍රස් නායක ඒ.එල්.එම්. අතාවුල්ලා, පොතුවිල් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ඒ.එම්. අබ්දුල් යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මැතිවරණ කොමිසමට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු හදිසියේ මියයයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ජපානයෙන් ලැබුණු චීටා යුවල

Mohamed Dilsad

Leave a Comment