Trending News

“ජනාධිපති කොමිසමක් පත් කළේ නියම වැරදිකරුවන්ට උපරිම දඬුවම් දීමටයි”ජනපති කියයි

(උදයම්,කොළඹ ) – මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කළේ නියම වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදීමට බව ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

මේ සඳහා ජනාධිපති කොමිසමක් පත්කළේ සිද්ධිය යට ගැසීමට බව ඇතැමුන් චෝදනා කළද වංචා,දුෂණ සහ වැරදි පාලනය අන්ත ලෙස තිබු පැවති රජයෙන් තමා ඉවත් වූයේ එවන් පාලනයක් නැවත ඇතිකිරීමට නොවන බව ද අවධාරණය කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද පස්වරුවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති උත්සවයක් අමතමිනි.

බැඳුම්කර සිදුවීම පිළිබඳ පැවති පාර්ලිමේන්තු විවාදය එකිනෙකාට චෝදනා කර ගැනීමක් පමණක් බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා තමන්ගේ යුතුකම් සහ වගකීම් අවංකව ඉටු කිරීම පිළිබඳ සියලූදෙනා අවබෝධයෙන් කටයුතු කළයුතු බව ප‍්‍රකාශ කළේය.

බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් වැරදිකරුවන්වන ඕනෑම අයෙකුට දඬුවම් ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තමා සූදානම් බව අවධාරණය කළ ජනාධිපතිතුමා තමා සෑමවිටම කටයුතු කරන්නේ ජනතා විශ්වාසය සමග බවද කියා සිටියේය.[ot-video][/ot-video]

Related posts

Arrested ministers should be sent to SLTB restrooms, not to Welikada: Amaraweera

Mohamed Dilsad

Angunakolapelessa Prison assault on CCTV video

Mohamed Dilsad

அரசியல் கட்சிகள் பற்றி தம்பரா அமீலா தேரர்

Mohamed Dilsad

Leave a Comment