ප්‍රමුඛ පුවත 1

කොළඹ රාජකීයයන් ගිනස් පොතට

(UTV|කොළඹ) – තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට කොළඹ රාජකීය විද්‍යාලයීය දරුවන් සමත් වී තිබේ.

2013 වසරේ දී චීනයේ (Kung Yik She Secondary School (China) in Tin Shui Wai, Hong Kong, China ) කුන් යික් ශී ද්විතීයික පාසලේ සිසුන් විසින් තත්පර පහක් තුළ ජල රොකට් 1056ක් ගුවන්ගත කිරීමෙන් තැබූ ගිනස් වාර්තාව බිඳ හෙළමින් රාජකීය විද්‍යාලයේ සිසුන් විසින් පසුගියදා එම වාර්තාව අලුත් කොට තිබේ.
මෙම ගිනස් වාර්තාවට අදාළ සහතිකය පසුගියදින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත පිළිගන්වනු ලැබීය. ඒ, අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති තෛපොන්ගල් දින සමරු උත්සවයෙන් අනතුරුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අප පුරවැසියන් වෙත හිමිව ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා කටයුතු කරමු

Mohamed Dilsad

ගම්පහට පැය 12ක ජාල කප්පාදුවක්

Mohamed Dilsad

ප්‍රහාර වලට සම්බන්ධ 40 දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment