ප්‍රමුඛ පුවත 1

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාර ගැනීම ජනවාරි 8දා

(UTV|කොළඹ) – සිනෝහයිඩ්‍රෝ චීන සමාගම විසින් නිම කරන ලද මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාර ගැනීම ජනවාරි 8 වන දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද වේල්ලෙදී සිදු කිරීමට නියමිතය.

මෙහිදී මොරගහකන්ද හා කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ වාන් දොරටු විවෘත කිරීම ද සිදුකෙරෙන අතර මෙය රන් දියවර මංගල්‍යය ලෙස හඳුන්වනු ලබයි.

මෙමගින් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ගොවි ජනතාව වෙත ජලය මුදා හැරෙන අතර ගොවි පවුල් විශාල ප්‍රමාණයකට මෙයින් සෙත සැලසෙන බව මොරගහකන්ද හා කළුගඟ සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජයරත්න මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙය ක්‍රියාත්මක වන අතර දැනට මෙහි ජල ධාරිතාව අක්කර අඩි 455,000 කි. මෙම ව්‍යාපෘතියේ කළුගඟ වේල්ල මෙම වසර අවසානයේ දී නිම කිරීමට අපේක්ෂා කෙරේ.

දෙවන අදියර ලෙස 2021 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයට ජලය ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය. තෙවන අදියර ලෙස ඉරනමඩුව නගරයට ජලය මුදා හැරීම සඳහා කටයුතු සැලසුම් කරමින් පවතින බවද ඩී.බී. විජයරත්න මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කුවේටයේ නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට පොදු සමා කාලයක්

Mohamed Dilsad

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස් වීම්

Mohamed Dilsad

සිංහල, දමිළ අලූත් අවුරුද්ද මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයක් – අග්‍රාමාත්‍යවරයා

Mohamed Dilsad

Leave a Comment