ප්‍රමුඛ පුවත 1

බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

(UTV|කොළඹ) – බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා  වෙත භාර දෙන ලදී.

පිටු 1135කින් සමන්විත මෙම වාර්තාව කොමිසමේ සභාපති පී. පද්මන් සුරසේන මහතා විසින් ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර කොමිසමේ ලේකම් එච්.ඩබ්. ගුණදාස මහතා සහ සෙසු සාමාජිකයින් වන විකුම් කළුආරච්චි, ආර්. රණසිංහ, ගිහාන් කුලතුංග, පී.ඒ. පේ‍්‍රමතිලක යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක් විය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/payment.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/02.jpg”]

Related posts

අනතුරකින් රාජ්‍ය අමාත්‍ය පුතු රෝහලේ.නිවසකටත් හානි

Mohamed Dilsad

අසත්‍ය පුවත් මවන මාධ්‍ය මාෆියාව නැවැත්විය යුතුයි- ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි

Mohamed Dilsad

භාරදුන් වගකීම ඉතා හොදින් ඉටුකරනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment