ප්‍රමුඛ පුවත 1

අනතුරකින් රාජ්‍ය අමාත්‍ය පුතු රෝහලේ.නිවසකටත් හානි

(UTV|හලාවත) – හලාවත , පුත්තලම මාර්ගයේ බංගදෙණිය – කෝට්ටපිටිය මංසන්ධියේදී සිදුවී ඇති අනතුරකින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුතා තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

අද(06) අළුයම 12.50 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරට පත්ව ඇත්තේ වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් බව පොලීසිය කියයි.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර තුවාල ලබා ඇත.

අතුරු මාර්ගයක සිට පැමිණ ඇති කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව කොට්ටපිටිය මංසන්ධියේ ඇති නිවසක් තුළට කඩා වැදී තිබේ.

අනතුරින් කැබ් රථයට සහ නිවසටද හානි සිදුවී ඇත.

අනතුර සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/CHILLAW-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/CHILLAW-02.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ධන මිල සංශෝධනය අදයි

Mohamed Dilsad

සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම අද

Mohamed Dilsad

Leave a Comment