ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ ප්‍රතිඵල අද තැපෑලට

(UTV|කොළඹ) – උසස් පෙළ විභාග ප්‍රතිඵල මේ වන විට අන්තර් ජාලයට නිකුත් කර තිබෙන අතර එම ප්‍රතිඵල පාසල් වෙත තැපැල් කිරීම අද (28) දිනයේදී සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

ඊට අමතරව කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛනය අද (28) පෙ.ව.10.00න් පසු විභාග දෙපාර්තමේන්තු පසාල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවෙන් අදාළ විදුහල්පතිවරුන් වෙත නිකුත් කෙරේ.

පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පෞද්ගලික ලිපියන් වෙත ඉදිරියේදී තැපැල් කිරීමට කටයුතු කිරීමට කටයුතු කරනු ලබයි.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා 163,104ක්  සුදුසුකම් ලබා ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 253,483ක් වන අතර  ඉන් සිසුන් 205කගේ ප්‍රතිඵල අත්හිටුව තිබෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ජනාධිපතිනියගෙන් නිවේදනයක්

Mohamed Dilsad

විදුලිබිල වැඩි නොකරන බවට විෂයභාර ඇමතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment