ප්‍රමුඛ පුවත 1

විදුලිබිල වැඩි නොකරන බවට විෂයභාර ඇමතිගෙන් පොරොන්දුවක්

(උදයම්,කෑගල්ල)  –  කොපමණ අභියෝග ආවත් විදුලිබිල වැඩි නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ පැවති කෑගල්ල දිස්ත‍්‍රික් පාසල් වොලිබෝල් ශූරතාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා ඊයේ (29) මේ බව සඳහන් කළේය.

වසර 30 කට පසු අවම වර්ෂාපතනයක් ලැබී තිබෙන බවත් වැසි පැවතියද  ඊසාන දිග මෝසම තවමත් සක‍්‍රීය නොමැති නිසා  මේ වනවිට විදුලිය නිපදවන්න තිබෙන මුළු ජල ප‍්‍රමාණය 48% ක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වෙන වසරවල මේ වන විට 70% ක් ජල විදුලිය නිපදවා තිබුණු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඩීසල් සහ ගල්අගුරු විදුලි නිෂ්පාදනය සිදු කෙරෙන අතර මැයි මාසය වන විට රු. බිලියන 33 ක් වැය කිරීමට සිදු වූ බව ද සඳහන් කළේය .

තිබෙන සියලු ප්‍රශ්න ද කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර තිබෙන අතර විදුලිබිල වැඩි නොකර කටයුතු කරන ආකාරය පිළිබඳ එහිදී උපදෙස් ලැබුණු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

සූර්ය බල සංග්‍රාම දෙවන අධියරෙන් ජාතික විදුලි බලයට කිලෝවොට් 2000ක සුර්ය බල පද්ධති 2ක් වවුනියාවෙන්

Mohamed Dilsad

සියළු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

මැතිවරණයට අදාළව අගමැතිගෙන් නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment