Trending News

ජනපතිගේ ඉදිරි සංවර්ධන සැලසුම්වලට ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය

(UTV|කොළඹ) – ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් වත්මන් රජය දියත් කර ඇති ආර්ථික සහ සංවර්ධන සැලසුම් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය හිමිවන බව එහි උප සභාපති වෙන්ෂයි ෂෑන්ග් (Wencai Zhang) මහතා පවසයි.

ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිවරයා හමු වූ ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපතිවරයා මේ බව ප‍්‍රකාශ කළ අතර 2018-2022 කාලයට අදාළ ශී‍්‍ර ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සහයෝගීතා වැඩපිළිවෙළ ඇතුළත් වාර්තාව ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ඒ අනුව ඉදිරි පස් වසර තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 04 -05 ත් අතර ප‍්‍රමාණයක් ආසියානු සංවර්ධන බැංකුව විසින් ශී‍්‍ර ලංකාවට වෙන් කර තිබේ.

ශී‍්‍ර ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රමවත් කිරීම සඳහා තමා ජාතික ආර්ථික සභාවක් පත් කළ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා එහි කාර්යභාරය සහ ජාතික සංවර්ධන සැලසුම් පිළිබඳව ද නියෝජිත පිරිස දැනුවත් කළේය.

රටේ දිළිදුකම පිටුදැකීම සඳහා ආරම්භ කළ ග‍්‍රාමශක්ති වැඩසටහන පිළිබඳව ද විස්තර කළ ජනාධිපතිවරයා එම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය අපේක්ෂා කරන බව පැවසීය.

එයට සිය එකඟතාවය පළ කළ උප සභාපතිවරයා දිළිදුකම පිටුදැකීම ආසියානු සංවර්ධන බැංකුවේ ප‍්‍රමුඛ මෙහෙවර බව ද කියා සිටියේය.

යටිතල පහසුකම් සංවර්ධනය මූල්‍ය කළමණාකරන යාන්ත‍්‍රණය තුළ විධිමත් කිරීම ආර්ථික සංවර්ධනය සඳහා ඉතා වැදගත් බව පැවසූ ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපතිවරයා ඒ සඳහා සිය සහය ලබාදිය හැකි බව ද සඳහන් කරනු ලැබීය.

ශී‍්‍ර ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සහයෝගීතාවයේ 50වන සංවත්සරය මෙම වසරට යෙදී තිබෙන අතර එම පනස් වසරක කාල සීමාව තුළ ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් සුවිශේෂී සහය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, ආසියානු සංවර්ධන බැංකුවේ ශී‍්‍ර ලංකා නියෝජිත ශී‍්‍ර විඩෝති, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

 

Related posts

SLFP – SLPP Alliance: Discussions to commence in March

Mohamed Dilsad

சவுதி அரேபியாவில் ஏப்ரல் 18 முதல் சினிமா தியேட்டர் திறக்கப்படும் – சவுதி அரசு அறிவிப்பு

Mohamed Dilsad

Sasikala Returns Home, Likely To Surrender In Bengaluru Today

Mohamed Dilsad

Leave a Comment