ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ තද වැසි

(UTV|කොළඹ) – දිවයිනේ බොහෝ පළාත්වල සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේ දී ත් වැසි ඇති වේ.

සමහර ස්ථානවලට විශේෂයෙන් සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල (මි.මී100 ක පමණ) තරමක් තද වැසිද ඇති විය හැක.

දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

විජයකලාගේ නඩුවකට නීති උපදෙස් පතා යළිත් සිහිකැඳවීමක්

Mohamed Dilsad

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු මැයි 02 වන දා පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Mohamed Dilsad

ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානය ඉහළට

Mohamed Dilsad

Leave a Comment