විදෙස්

ට්‍රම්ප්ගේ පාලනයට එරෙහිව ලොව පුරා විරෝධතා

(උදයම්,ඇමරිකා) –  ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් දිවුරුම් දීමෙන් පසු ඇමරිකාවේ සහ ලොව රටවල් කිහිපයක ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වේ.
ඇමරිකානු නව ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා දිවුරුම් දුන් අතර ඔහුගේ පාලනයේ පළමු දිනය තුළ ඔහුට එරෙහි විරෝධතා රැළි රැසක් පැවැත්වුණි.
විශාලතම රැළිය ඇමරිකාවේ වොෂින්ටන් අගනුවර පැවති අතර ඊට පන්ලක්ෂයක් පමණ ජනයා සහභාගිවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එය ජනාධිපති ට්‍රම්ප් දිවුරුම් දීම නැරඹීම සඳහා පැමිණි ජන කොටසද ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

නිව්යෝක්, සියැටල්, බොස්ටන්, මයාමි ඇතුලූ නගරවල කුඩා රැළි 300ක් පමණ පැවති අතර ලොව පුරා මෙලෙස පැවැත්වුණු විරෝධතා රැළි සංඛ්‍යාව 600 කට අධිකය.

 

Related posts

සුරතල් බල්ලෙකුට MonkeyPox

Mohamed Dilsad

ඇමරිකාව ලෝක ‍සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ලන්ඩන් බ්‍රිජ් ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

Mohamed Dilsad

Leave a Comment