ප්‍රමුඛ පුවත 1

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවැනි විදුලි ජනන යන්ත්‍රය යතා තත්ත්වයට

(UTV|කොළඹ) – නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවැනි විදුලි ජනන යන්ත්‍රය අද(20) යළි ජාතික විදුලි පද්ධතියට එක්කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවඅයි.

දින කිහිපයක සිට එම ජනන යන්ත්‍රය අක්‍රීයව පැවතුණේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

නමුත් තුන් වන ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධණ මහතා පැවසීය.

මේ නිසා එම ජනන යන්ත්‍රය තවත් සතියකින් පමණ ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව ඔහු කියා සිටී.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

Related posts

ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව දෙසැම්බරයට කල් යයි

Mohamed Dilsad

ජපාන- ශ්‍රී ලංකා නව ගිවිසුමකට අත්සන් තැබේ

Mohamed Dilsad

සා.පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment