ප්‍රමුඛ පුවත 1

අගමැති සමඟ සාකච්ඡා සාර්ථකයි

(උදයම්,කොළඹ)   –  සයිටම් ගැටළුව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාව ධනාත්මකව අවසන් වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙම සාකච්ඡාවේදී ක‍්‍රියාත්මක කිරීමට එකඟවු තීරණ කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
කෙසේ හෝ අගමැතිවරයා සමඟ ඇතිවු එකඟත්වය මත වර්තමානයේ හදිසි වැඩවර්ජන කරා යොමු වීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද එම සංගමය මෙහිදී පැවසීය.
මේ අතර වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය රටේ නීතියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

Related posts

පොළොන්නරුවට ජල කප්පාදුවක්

Mohamed Dilsad

පස්වරුවේ වැසි

Mohamed Dilsad

මැතිවරණයක් තියෙන අවස්ථාවක ජාතිවාදීන් කුමන හෝ ක්‍රමයකින් තම අභිමථාර්ත ක්‍රියාත්මක කරන්න දේශපානඥයින්ට බොරු අවලාද නගනවා…(පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි)

Mohamed Dilsad

Leave a Comment