Trending News

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 1,340 ක්

(උදයම්,කොළඹ)   –   2017 ජූලි 01දා සිට තුන් වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 1,340 ක් වටිනා මූල්‍ය සහ තාක්ෂණික ආධාර සැපයීමට ලෝක බැංකුව තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

 අන්තර්ජාතික සංවර්ධන සංගමයේ (IDA) සංක්‍රාන්තික සහයෝගීතා පහසුකම් යටතේ ලැබෙන මෙම ආධාරයට පෙර පසුගිය 2014 සහ 2017 කාල පරිච්ඡේදය තුළ අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් ශ්‍රී ලංකාවට ලැබුණේ ඩොලර් මිලියන 660 ආධාරයක් පමණි.
ලෝක බැංකු එකතුවේ සාමාජික ආයතනයන් වන ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව (IBRD)සහ,  අන්තර්ජාතික සංවර්ධන සංගමය (IDA) විසින් වාර්ෂිකව ඩොලර් මිලියන 300 බැගින් ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකාව ලබා දීමට නියමිතයි. මෙම දායකත්වයන් සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මූල්‍යමය සහය වශයෙන් හා විශ්ලේෂණ සහ උපදේශන සේවාවන් සඳහා තාක්ෂණික දායකත්වය වශයෙනි.
මෙම කරුණු අනාවරණය වූයේ පසුගිය අඟහරුවාදා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන  අධ්‍යක්ෂිකා ඉදා රිඩ්ඩිහෝ මෙනවිය අතර මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදීය.
ලෝක බැංකුවේ අධ්‍යක්ෂකවරිය මෙම අවස්ථාවේදී ලෝක බැංකුවේ සහය යටතේ ලංකාවේ දැනට ක්‍රියාත්මකවන සහ යෝජිත ව්‍යාපාතිවල ප්‍රගතිය සම්බන්ධව අමාත්‍යවරයා සමග සාකච්ඡා කළාය. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් වන ව්‍යාපෘතිය සහ රාජ්‍ය පුද්ගලික සහයෝගිතාව සඳහා රටේ සූදානම (PPP) සම්බන්ධයෙන් වන ව්‍යාපෘති දෙක මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර ඒ සඳහා ලෝක බැංකුවේ මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය ලබා දෙනු ඇත. එසේම සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය ලෝක බැංකු ආධාර යටතේ මේ වනවිට ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතියි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සම්බන්ධයෙන් ඇගයීමක් කළ ලෝක බැංකුවේ අධ්‍යක්ෂකවරිය කියා සිටියේ 2016 වසරේ සහ 2017 මුල් භාගයේ අභියෝග මධ්‍යයේ වුවද ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සතුටට පත්විය හැකි බවයි. ලෝක බැංකුව හඳුනාගෙන ඇති ආකාරයට 2016දී නිවැරදි ප්‍රතිපත්තිමය තිරණයන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආර්ථිකයේ බදු සහ මූල්‍ය ප්‍රතිපත්ති විස්තාරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය ස්ථායීතාවයට පත්ව ඇති බවයි.
රාජ්‍ය වියදම් කළමනාකරණයේ දී ඉදිරියේ දී අතිරික්ත වියදමකින් තොරව රාජ්‍ය ආයෝජනයේ ප්‍රතිලාභ වැඩිවෙනු ඇතැයි ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ලෝක බැංකුව අනාවැකි පළ කර තිබේ.  මෙම සන්දර්භය (Context) යටතේ  ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2020 වසර වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය හිගය 3.5% දක්වා අඩුවනු ඇතැයි ද එහි පූර්විකාව ලෙස 2017 වසරේ දී රාජ්‍ය මූල්‍ය ශේෂය සුළු වශයෙන් සාධනීය තත්ත්වයට පත් වනු ඇතැයි ද ලෝක බැංකුව සඳහන් කරයි.

Related posts

லோட்டஸ் வீதி மூடப்பட்டுள்ளது

Mohamed Dilsad

Media should uphold national image to the world – President

Mohamed Dilsad

Special traffic plan in Colombo today

Mohamed Dilsad

Leave a Comment