ප්‍රමුඛ පුවත 1

දකුණු කොරියාවේ නීතිවිරෝධී ශ්‍රමිකයින්ට පොදු සමා කාළයක්

(උදයම්,කොළඹ)  – නීති විරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමා කාලයක් ලබා දෙයි.

පසුගිය දහවන දින සිට ඔක්තෝබර් මස දහවන දින දක්වා අදාළ කාල සීමාව කොරියානු රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.

ඒ අනුව එම කාල සීමාව ප්‍රයෝජනයට ගනිමින් නැවත දිවයිනට පැමිණෙන ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකාව තුළදී ගනු ලබන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග වලින්ද නිදහස් කිරීමට ද ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කර තිබේ.

2011 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 1983 දෙනෙකු නීති විරෝධී අයුරින් කොරියාවේ රැඳී සිටින අතර ඔවුන් සඳහා නීති මාර්ගයෙන් කටයුතු කර ලක්ෂ විස්සක ඇප බැඳුම්කර අයකරගැනීමට  කාර්යංශය  මේ වන විටත් කටයුතු කරමින් සිටියි.

පොදු සමා කාලය තුළදී දිවයිනට නොපැමිණෙන දකුණු කොරියාවේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රමිකයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළේය.

Related posts

සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩලය වර්ජනයේ

Mohamed Dilsad

රුපියලේ අගය ස්ථාවර වෙයිද?

Mohamed Dilsad

“ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව නීතිමය පියවර ගන්නවා” සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියයි

Mohamed Dilsad

Leave a Comment