ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරීන් 20කට ස්ථාන මාරුවීම්

(උදයම්,කොළඹ)   ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතාව මත පොලිස් නිලධාරීන් විසි දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ පානදුර කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර් එම් එස් එස් බී රත්නායක කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස මාරුකර යවා ඇති බවය.

පුරප්පාඩු වූ පානදුර කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත්කර ඇත්තේ පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී පී ආර් පී සේනානායක මහතාය.

ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 13 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

Related posts

විපක්ෂයේ ප්‍රධාන ධූරය ගැන තීරණයක් [VIDEO]

Mohamed Dilsad

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට

Mohamed Dilsad

පස්වරුවේ කාලගුණය අයහපත්

Mohamed Dilsad

Leave a Comment