ප්‍රමුඛ පුවත 1

ධීවර බෝට්ටු දෙකක් අනතුරුට ලක්වී තිදෙනෙකු අතුරුදන්

(උදයම්,හම්බන්තොට)   –  හම්බන්තොට සහ කුඩාවැල්ල ධීවර වාරයවලින් මුහුදු ගිය ධීවර බෝට්ටු දෙකක් නැව් දෙකක ගැටීමෙන් සිදුවූ අනතුරුවලින් ධීවරයන් තිදෙනෙකු අතුරුදන් වෙයි.

කුඩාවැල්ල ධීවර වරායෙන් පසුගිය 30 වැනිදා මුහුදු ගිය ධීවර බෝට්ටුවක් සහ හම්බන්තොට ධීවර වරායෙන් පසුගිය 03 වැනිදා මුහුදු ගිය ධීවර බෝට්ටුක් මෙසේ අනතුරට ලක් වී තිබේ.

පසුගිය 30 වනදා බෝට්ටුව අනතුරට පත්වීමෙන් පසු  දිවි බේරාගෙන ඇති ඩබ්ලිව්.මහින්ද නැමැති පුද්ගලයා හම්බන්තොට පොලීසියට පවසා ඇත්තේ බෝට්ටුවේ ගමන් ගත් අනෙක් තිදෙනා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවය.

මේ අතර පසුගිය 03 වැනිදා අනතුරට පත්වූ ධීවර බෝට්ටුව මෙන් පසු එහි සිටි ධීවරයන් හතර දෙනා දිවි බේරාගෙන තිබේ.

මෙම අනතුරුවලින් දිවි බේරාගත් ධීවරයන් පස්දෙනා ඊයේ (04) රාත්‍රියේ හම්බන්තොට ධීවර වරායට රැගෙන විත් තිබුණි.

එහිදී කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට පත්ව දිවි බේරාගත් ධීවරයා රෝගී තත්ත්වයෙන් පසුවීම නිසා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.

අතුරුදන් වූ ධීවරයන් තිදෙනා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණ වී නොමැති බව අප වාර්තාකරු පැවසීය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/01-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/02-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/03.jpg”]

 

Related posts

පළාත් කිහිපයකටම ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවධානමක්

Mohamed Dilsad

එත්නා ගිනි කන්ද මුහුද දෙසට කිට්ටුවට

Mohamed Dilsad

මහනුවර ප්‍රථම රන්දෝලි පෙරහැර අද

Mohamed Dilsad

Leave a Comment