Trending News

උමා ඔය ව්‍යාපෘතිය ගැන සොයන්න පත්කල කැබිනට් අනු කමිටුව අද බණ්ඩාරවෙලට

(උදයම්, බණ්ඩාරවෙල)  –  උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කමිටුව අද(03) දිනයේ උමා ඔය  ව්‍යාපෘතිය පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදුකිරීමට නියමිතය.

උමාඔය  ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල නගරය ගිලා බැසීමේ අවදානම මෙන්ම ඒ ආශ්‍රිත ප්‍රදේශවල පවතින ජල ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා කැබිනට් අනු කමිටුවක් පත් කරනු ලැබීය.

එම කමිටුවට මහින්ද අමරවීර,  පාඨලී චම්පික රණවක, විජිත් විජයමුණි ද සොයිසා යන අමාත්‍යවරු ඇතුලත් වෙති.

මේ අතර උමා ඔය ව්‍යාපෘතිය නිසා හානියට පත් ප්‍රදේශයන්හි සමාජ, පාරිසරික, ආර්ථික ගැටලුවලට විසඳුම්  නොලැබුණහොත් ඉදිරියේදී දැඩි තීන්දු ගැනීමට සිදුවන බව උමාඔය බහු  ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

Related posts

North Korea’s Kim Jong Un open to nuclear site inspection -report

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන ප්‍රකාශයට පත් කරයි

Editor O

World Day Against Child Labour 2019 today

Mohamed Dilsad

Leave a Comment